වී සොරුන්ට ඇප


(ඩබ්. ඒ. පියතිලක)

හිගුරක්ගොඩ කවුඩුල්ල  ගම්මානයට වී මිලදි ගන්නා මුවාවෙන් පැමිණ වංචනික ලෙස වී සොරකම් කළැයි කියන ව්‍යාපාරික පිරිසක්  එක් අයකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරිර ඇපමත නිදහස් කිරීමට හිඟුරක්ගොඩ දිසා අධිකරණය නියෝග කළේය.

වංචනික ලෙස  කිරුම් කර රුපියල් 35,000ක් පමණ වටිනා වී මිටි 8ක් වංචා කර පළා යෑමට උත්සාහ කිරිමේ දි ගම්වාසින් විසින් ඔවුන්ට පහරදී පොලිසියට බාර දෙනු ලැබ ඇත.

මෙම පිරිස කලක පටන් පොලොන්නරුව අම්පාර ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ රැසකම මෙවැනි අන්දමට මෙම වංචනික කි‍්‍රයා සිදු කර ඇති අතර සැකකරුවන් සහ ලොරි රථය  හිගුරක්ගොඩ  දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්  ප‍්‍රදිප් මහමුතුගල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත මුදා හැරිණි.