වී විකුණගන්න බැරිව හරකුන්ට කන්න දෙති


(සම්පත් ප්‍රියනන්දන ) 

බලන්ගොඩ  කල්තොට  ගොවි ජනපදයේ   ජිවත් වන  ගොවින්ගේ  වී  අස්වැන්න  අලෙවි   කර  ගැනීමට  නොහැකි   වීමෙන්   ඔවුන් ගැටලු රැසකට   මුහුණ පා   සිටින  බව  ගොවි  සංවිධාන  නියෝජිතයෝ කියති .

පසුගිය කන්න  දෙක  තුනකම  වී අස්වනු   අලෙවි කර   ගත නොහැකිවිම හේතුවෙන්    ඒවා  නිවෙස්වල දිරාපත්වි   යන  බවත් අස්වනු   ගවයින්ට හා වෙනත්  සතුන්ට  ආහාර සඳහා   ලබා  දීමට  සිදුව ඇති බවත්   ඔවුහු පවසති.
වී  ගොවිතැන ජිවිකාව කරගක්   ගොවි  පවුල් 3000ක්  පමණ මෙම   ගැටලුව හේතුවෙන්   අසරණ වි   සිටින  බව   ගැටලුවට මුහුණපා   සිටින  ගොවීහු කියති .
 
එච්.ඒ .ධර්මසේන   ඩි - 2 ගොවි  සංවිධානයේ උප  සභාපති 

‘මේ  කල්තොට   සහ  මැදබැද්ද   ගොවි  ව්‍යාපාරයේ   ගොවි   පවුල් තුන්දාහක්   විතර   ජිවත්  වෙනවා .ඒ අයගේ  ජිවිකාව   වි  ගොවි   තැනයි . මේ  ප්‍රදේශයේ   වි   අලෙවි මණ්ඩලයක්  හදලා   තිබෙනවා.  එහෙත්   දැනට  වසර  ගණනාවක  සිට  වි  මිලදී  ගැනීම  නතර  කරලයි   තිබෙන්නේ.  වී අලෙවි මණ්ඩලයේ  ගොඩනැගිල්ල  දිරාපත්වෙලා  තිබෙනවා .  අපි    බැංකුවලින්  ව්‍යාපාර   ණය  අරන්    අපිට  අවශ්‍ය  කරන   කෘෂි  ද්‍රව්‍ය   මිලදි  ගෙන   තමයි   කුඹුරු වැඩ   කරන්නේ . 
 
ඒහෙත්   වී  ටික   අළෙවි   කර   ගන්න   බැරි   නිසා    ඒ   ණය   ගෙවන්නත්   බැරිවෙලා   ඉන්නෙ .අපේ   මේ  වී ටික  මිලදි ගන්න   ක්‍රමවේදයක්   හදලා   දෙන්න   කියලත්   වී   ටික  උපරිම මිලකට මිලදී ගන්න වැඩ පිළිවෙළක් සකස් කර  දෙන්න කියලත්   ජනාධිපතිතුමාගේන්    ඉල්ලා සිටිනවා .‘