යල කන්නයේ වී මිලදි ගැනීමේ තදබදය අවම කීරිම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සේවය කරන සංවර්ධන නිලධාරින් සහ සිවිල් ආරක්ෂක නිලධාරින් දිවයින පුරා වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට හෙට (29) සිට යොදවන බව වී අලවි මණ්ඩලයේ සභාපති එම්.බී දිසානායක මහතා කියයි.
වී ගබඩාවල ඉඩ පහසුකම් නොමැති නම් හා ගොවීන්ට තම වී අස්වනු අලවිකිරිම සඳහා කිලෝමීටර් 30ට වඩා දුරින් පිහිටි මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට යෑමට සිදුවේ නම් වී අලවි මණ්ඩලයේ ජංගම ලොරි මඟින් වී මිලදී ගන්නා බව ද එම මණ්ඩලය සඳහන් කරයි.
යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය වෙන්කළ මුදල්වලින් අඩක් තවමත් ඉතිරි වී ඇති හෙයින් ගොවීන් සාමුහිකව කටයුතු කර හිදිසියකින් තොරව, කාණ්ඩ වශයෙන් කාලය වෙන්කර ගනිමින් වී මිලදී ගැනීමේ මධ්‍යස්ථානවලට පැමිණිමෙන් වී මිලදී ගැනීමේ තදබදය වළක්වා ගත හැකි බවද වී අලවි මණ්ඩලය සඳහන් කරයි.

