වී ගබඩාවට අලි පනිති


අම්පාර නගරයේ සිට කිලෝ මීටර් 32 ක් දුරින් පිහිටි තොට්ටම ගම්මානයේ වී ගබඩාවට අද (09) අලුයම වරින් වර පහර දුන් වන අලියකු එම ගබඩාවේ එක් ස්ථානයක් කඩා දමා වී බෝජනයට උත්සහ දරා ඇත .

වී ගබඩාව මුර කරමින් සිටි මුරකරුවන් දෙදෙනා සහ ගම් වැසියන් කීප දෙනෙකු ඉතා අසීරුවෙන් මෙම අලියා එළවා දමා ගබඩාවේ වී තොගය  බේරා ගත් බව ප්‍රදේශවාසිහු කියති.

ඔවුන්ගේ උත්සහය නොවන්නට ගබඩාවේ වී අට්ටි ගබඩාවෙන් පිටතට කඩා වැටී විශාල හානියක් සිදුවන්නට ඉඩ තිබූ බව දැක ගන්නට ලැබුණි. වී තොගය ගබාවෙන් පිටතට කඩා වැටුණේ නම් විශාල වී තොගයක් වන අලියා විසින් කා දමනු ඇති බව ඔවුහු පවසති.

මේ දිනවල තොට්ටම ගම්මානයේ දිවා කාලයේ පවා වන අලින් සැරි සරන අතර යාබද මරියකන්ද ප‍්‍රදේශයේ නිවසකට ද දින තුනකට පෙර පහර දී වි ගෝනි තුනක් කා දමා ඇත .

මේවන විට තොට්ටම වී ගබඩාවේ වී කිලෝ ලක්ෂ 17 ක් තිබෙන අතර එහි සමස්ත ධාරිතාවය ලක්ෂ 33 කි. අලින්ගෙන් වී ආරක්ෂා කිරීමට වැඩපිළිවෙලක් අවැසි බව ගැමියෝ කියති.

1[1] 3[1] 4[1] 5[1]