( තිළිණි ද සිල්වා )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීම සඳහා වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් හෙට (08) පෙරවරු 8.30ට මත්තල ගුවන්තොටුපලට යෑමට නියමිත බව එම ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි.
ඒ අනුව එම ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරී ගෙන් යුතු කණ්ඩායමයක් මෙම ගුවන්තොටු පළට යන බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.
මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සමබන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම කොමිසම මීට පෙර තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබිණි.
එම ගුවන්තොටුපළේ ඇතැම් ස්ථාන වලට හානි සිදුව ඇති ව එම පොලිස් නිලධාරීන් තොරතුරු ලබා ගෙන තිබූ අතර ඒ අනුව එම ගුවන්තොටුපළට සිදුවූ හානිය ගණනය කිරීම කොමිසම තීරණ කර ඇත.

