වී අලෙවි මණ්ඩලය හරහා වෙළඳ පොළට සහල්


 

(ඩයනා උදයංගනී)

වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර ‘පී.එම්.ඩී රයිස්’ නමින් වෙළඳපළට නිකුත් කිරීමට පියවර ගන්නා බව එහි නව සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය.

මෙලෙස සහල් වෙළඳපළට හා ස.තො.ස වෙත නිකුත් කර සහල් මිල පාලනය කරමින් ජනතාවට අවම මිලක් යටතේ සහල් ලබාදීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

වී අලෙවි මණ්ඩල ඉතිහාසය තුළ වැඩිම වී තොග ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇත්තේ වත්මන් රජය විසින් බව ද සභාපතිවරයා ප‍්‍රකාශ කළේය.

ඒ අනුව 2015 වසරේදී වී මෙටි‍්‍රක් ටොන් 1,70,000ක් 2016 වසරේදී වී මෙටි‍්‍රක් ටොන් 1,60,000ක් මණ්ඩලය විසින් මිලදී ගෙන ඇතැයි කී සභාපතිවරයා ඉදිරියටත් කිසිම සීමාවකින් තොරව ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.