විහින් නැහුණු අය ජනපති පෙන්නයි


සමහර දේශපාලන චරිත වැනසුණේ ඔවුන්ගේ වැරදි ඇවතුම් පැවතුම් නිසා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්මලාන තරුණ බෞද්ධ සංගම් ශාලාවේදී සී වී ගුණරත්න 15 වැනි ගුණ සමරු උත්සවයේ දී ය.

‘දේශපාලන චරිත දේශපාලනඥයා විසින්ම පසුගිය දශක දෙක තුනේ දී විනාශ කර ගත්තා. වැරදි ඇවතුම් පැවතුම් නිසා දේශපාලනඥයාට තිබූ ගෞරවය නැති වුණා.

දේශපාලනඥයා සමාජයට අවනත පුද්ගලයකු විය යුතුයි. එසේ නොවූවහොත් ඔහු පිරිහීමට ලත් වෙනවා. ‘
දේශපාලනඥයා කියන්නේ මිතුරන්ට වඩා සතුරන් සිටි කෙනතු යැයි ද ජනාධිපතිවරයා කීවේය.

_DSC0637 _DSC0644 _DSC0660 _DSC0677 _DSC0721 2