(ඔගස්ටින් ප්‍රනාන්දු)
දන්කොටුව ඇටියාවල ශ්‍රී ජයුන්දරාම විහාරාධිපති ගිරාදුරුකෝට්ටේ ධම්සිරි ස්වාමින් වහන්සේ සතු බැංකු කාඩ්පත සොරාගෙන විටින් විට එම බැංකු ගිණුවෙන් මුදල් සොරා ගත් ස්වාමින් වහන්සේ නමක හා ගිහියෙකු අද(10) අත්අඩංගුවට ගත් බව දන්කොටුව පොලිසිය කියයි.
ඔවුන් විසින් රුපියල් 361,000ක මුදලක් සොරා ගෙන තිබූ අතර, රුපියල් ලක්ෂ තුනහමාරකට වැඩි මුදලක් සඟවාගෙන තිබියදී සොයා ගත් බව ද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ විහාරස්ථානයේම වැඩ වාසය කළ වෙනත් හිමිනමක සහ විහාරස්ථානය අසල පදිංචිකරුවෙකු වූ ගිහියෙකි.
ගිරාදුරුකෝට්ටේ ධම්සිරි ස්වාමින් වහන්සේ විසින් දන්කොටුව පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. උන්වහන්සේ පෞද්ගලික බැංකුවක පවත්වා ගෙන යන ගිණුමක මුදල් අඩුවීමක් ගැන පොලිසිය සොයා බැලීමකදී ගිණුමෙන් මුදල් ලබාගැනීම පිණිස නිකුත් කර ඇති බැංකු කාඩ්පතින් මෙම මුදල් කිසිවකු විසින් හොරා ගෙන ඇති බවට අනාවරණය වී ඇත.
ඒ අනුව පොලිසිය කළ පරීක්ෂණ අනුව විහාරස්ථානය අසල අයව හා විහාරස්ථානයේ විසූ තවත් හිමිනමක අත්අඩංගුවට ගෙන ඇත.එම හාමුදුරුවන් වහන්සේ, බැංකු පත හොරාගෙන අසල්වැසියාට ලබා දි මෙම මුදල් සොරාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (10) මාරාවිල අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. දන්කොටුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

