( ජයන්ත සමරකෝන්)
විසුරුවාහරින ලද බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ ඒකකය වෙනුවට විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
දක්ෂ හා විනයගරුක දුෂණ චෝදනාවන්ට සම්බන්ධ නැති තරුණ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මෙම පොලිස් ඒකකය සඳහා බඳවා ගැනීමට නියමිතය.
අමැතිනි තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් මත මෙම විශේෂ පොලිස් එකකය පිහිටවනු ලැබු අතර විසුරුවාහරින ලද බුද්ධි අංශ නිලධාරීන් පුරප්පාඩු සහිත බන්ධනාගාරයන්හි සාමාන්‍ය රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.