විසිපන් ලක්සෙ දඩේ ගෙවයි


රුපියල් අට කෝටි දාහත් ලක්ෂයක පමණ රට සල්ලි හොරෙන් සිංගප්පුරුවට ගෙන යන්නට තැත් කළ හම්බන්තොට 52 හැවිරිදි ව්‍යාපාරිකයාට රුපියල් විසිපන් ලක්ෂයක දඩයක් නියම කළ රේගුව එම මුදල ද රාජසන්තක කෙළේය. දඩය එවෙලේම ගෙවු ව්‍යාපාරිකයා මුදා හැරිණි. ඇමෙරිකා ඩොලර්, යුරෝ, නවසීලන්ත ඩොලර්, සිංගප්පුරු ඩොලර්, කැනඩා ඩොලර්, ජපාන යෙන්, ස්වීඩන ක්‍රෝනර් හා බි‍්‍රතාන්‍ය පවුම ද එම රට සල්ලි වලට අයත් විය.