විසිතුරු ආභරණ විකිණු ඉන්දීය කතුන් තිදෙනෙක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

සංචාරක වීසා බලපත‍්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් පිටකොටුව ප‍්‍රදේශයේ පදික වේදිකාවේ කාන්තා විසිතුරු ආභරණ විකුණූ බව කියමින් පිටකොටුව පොලීසිය අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනක් ලබන 24 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් වයි. වැලිගොඩපිටිය මහතා අද (17) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ පුලන්කුඩි, තමිල්නාඩුවේ පදිංචි රේවතී වඩුවේලූ, පුලන්කුන්ඩි තමිල්නාඩු සහ රේකා චේතම් නැමැති ඉන්දීය ජාතික කාන්තාවන් තිදෙනෙකි.