විසිකළ බෑගයේ


සහකාර රේගු අධිකාරී සුජිත් ප‍්‍රසන්නගේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය 2001 දී පරීක්‍ෂණ පවත්වද්දී තංගල්ල මුහුදු වෙරළේ අතහැර දමා තුබු අත් බෑගයක වූ රුපියල් විසි ලක්‍ෂයක් වටිනා රන් පවුම් 48ක් හා රුපියල් දෙලක්‍ෂයක මුදල් අයිති කාටදැයි තීරණය කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ලබන ජනවාරි 20 වැනිදා තෙක් කල් තැබුවාය. වැලිසර අලෙහිවත්තේ දළුවත්තගේ චාන්දනී නම් කතකගේ හැඳුනුම්පතක් ද එම බෑගයේ තිබී සොයාගෙන ඇත්තේ රහස් පොලිසියේ සහකාර අධිකාරි ශානි අබේසේකර මහතාය. සහකාර රේගු අධිකාරී අනුර වීරවංශට වාප්පු ලිපිකරු වජිර ඉන්ද්‍රජිත්ට හා ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ කාර්ය බළකායේ සෙබළ නලින්ද සමන් උදය කුමාරට මරණ දඬුවම නියම කිරීමෙන් පසු එම රන් හා මුදල් තමාගේ බවට දලූවත්තගේ චාන්දනී අයිතිවාසිකම් ඉදිරිපත් කළාය.