පිළියන්දල සිට මීගහතැන්නේ තඹදොළ ඇල්ලට නාන්ට ගිය විසිතුන්දෙනකුගෙන් ග්‍රාම නිලධරයකුගේ සිරුර දවසකට පසු අඩි පහළොවක් පමණ ගැඹුරැති වළකින් සොයාගත් බව පොලීසිය කියයි.
නාන්නට දියටබට පිරිසගෙන් එක් අයකු ගොඩ නොපැමිණි බව ඔවුන් දැනගෙන ඇත්තේ බොහෝ වේලාවකට පසුය.
දියඇල්ලේ ගැඹුරු තැන් ඇති බවත් බීමතින් දියට බැසීම නොකළ යුතු බවත් කියමින් අනතුරු ඇගවෙන පුවරුද ඒ අසල සවි කැර ඇත.

