විස්සයි විස්සේ : චින්තන ගැස්සේ


චින්තන ස්පෝර්ට්ස් ක්ලබ් එකයි යහ පාලන ස්පෝර්ට් ක්ලබ් එකයි  සෙට්වෙලා  ගහපු ඕවර් පනහ මැච් එකේ සිලෝන්  කප් එක ඉස්සුවේ යහ පාලන ටීම් එක කප් එක උස්සලා  කැප්ටන්වත් බ්ලාස්ට් කරලා අන්තිමට ටීම් එකත් උන් ඉස්සුවා.දැන් චින්තන ටීම් එකත් යහ පාලන පොරවල් අල්ලාගෙන .දැන්  යහපාලන ටීම් එකෙයි චින්තන ටීම් එකෙයි  දෙකේම කැප්ටන් මෛත්‍රී

මේ වෙච්ච  බ්ලාස්ට් එකෙන් චින්තන ටීම් එකේ හිටපු පොරවල් ටිකක් අනාථ වෙලා ගියා.චින්තන ටීම් එකේ හොඳ බැට් කරපු  බුවාලා ටිකත් දැන් යහපාලන  ටීම් එකට සෙට් වෙලා.තව පොරවල් ටිකක්   චින්තන ටීම් එකේම ඉන්නවා.අනාථ වෙච්ච බජාර් එක දැන් ට්‍රයි කරන්නේ  අලුත් ටීම් එකත්  ෆෝම් කලේ චින්තන ටීම් එකේ කැප්ටන් කරපු කලින් බොසාව  කැප්ටන් කළේ  ඊළඟට එන 20 x20 මැච් එක ගහලා  කප් එක උස්සන්න.

ඒ හින්දම ටීම් එක ෆෝම් කරන්න කලින් ‘සිලෝන් කප්‘මැච් එක බ්ලාස්ට්  වුණේ  ඇයි කියලා  හොයාගන්න අනාථ වෙච්ච පොරවල් ටික සෙට් වුණා.

පිප්ටියට මොකද වුණේ වාම දේවයා  මෙහෙම අහුවේ ජෙල් පියාගෙන්ය.වාම දේවයා නළලට රැලි පාරක් දාලා එක හුස්මට රිප්ලයි එක දුන්නේය.මෙහෙමයි පළමුවැනි  ටීම් එක කෝච් කරපු බුවා මෙච්චර බුවාලා ඉදිද්දී  සීරියස් මැච් එකක කෝච් කරන්න දා ගන්නේ  අර සාත්තර සුමනයා  කරේම සවුන්ඩ් එක හතර වටේ  අපේ ප්ලේයස්ලව  ග්‍රහයින්ගේ ග්‍රහ වලල්ල  මගේ දාලා බෝල ඇල්ලිල්ල ට්‍රේන් කරපු එක විතරයි. බෝල කිරිල්ලයි ගැහිල්ලයි ඌ ට්‍රේන් කරේම නැ. හිතුවේ ප්ලේයර්ස්ලට බැරි වුණත් ග්‍රහයෝ   ටික හරි  බෝලේ  අල්ල ගනියි කියලා ඒකෙත් වුණේ  අරුන් ටික ග්‍රහයින්ගේ හෙඩ් එකට  උඩින් යන්න  හයේ හතරේ  පොල් අඩි නෙලපු එක.එක බෝලයක් ඇල්ලුවාද? දෙවැනි එක අපේ බෝලින් ඇටෑක්  එක එහෙම පිටින්ම අන්ජ බජල් බොලීන් කරලා හරියන්නේ නෑ කියලා. කෝ ජෙල් පියාලා  කණ්නාඩියලගේ බෝල වලට දුන්නේ පොල් අඩි.

ඊළඟ  හේතුව අපිට ග්‍රවුන්ඩ් චියර්ස්ලා ලොස්ට් වෙච්ච එක.ඔය සමෘද්ධිකාරයෝ බලෙන් ඇද්දට ග්‍රවුන්ඩ්චියර්ස්  ගන්ඩ බෑ කියලා මං කීපාරක් කිව්වද?

අනික් කාරනාව තමයි මේ පාර යහපාලන  ටීම් එක කෝච් කරේ  කවදාවත් නැතිව ඇනි ඇනී  ඔය කෝච් ජොබ් බාරගන්න  ගමන් කලේ අපේ චින්තන  ටීම් එකේ මිඩ්ල් ඕඩරයට ගහන සිරාව උස්සලා යහපාලන ටීම් එකේ කැප්ටන් කරපු එක.වයිස් කැප්ටන්  කලේ  ඇම්ඩන් .ඒක තමයි අපිට බොක්කටම වැදුණේ.අන්තිම එක තමයි  අපේ බැස්ට්මන්  බුවාලා සෙට් එකට අබ්ලික් වන් ඩවුන්  එකේ හිටපු බඩා කොටා ගැහුවේම නෑ.එතකොට ඉස්සර සුදු නෙළුම්  ක්ලබ් එකට ගහපු එකා එනකොට බේරුවල නයා,වෙලේ කුමාරයා,එල ෆවුසියා, අන් එකෙක්වත් ස්කෝර් කරේ නෑ. අනික අපේ කැප්ටන් පොර  ඇම්ඩන්ලාගේ හොඳම ඩිල් රවුන්ඩර් බුවා කියලා මාර පබ්ලිසිටියක්  දීලා ගත්තු අලි මහලේනා අන්තිමේට මෙලෝ රහක් නැති වුණා.

ඕක බෝල් කරලා  එකෙක් අවුට් කර ගන්න බැරි වුණා. ඌ ගැහුවෙත් නෑ අන්තිමේට ඇම්ඩන් එක බෝලයයි එව්වේ.ටිකට්  පොලු තුනම ගලවගෙන ගිහින් ඌ පැවිලියන් එක ඇතුලටම යැව්වා.

ඔය වගේ නස්තාර්  වැඩ නිසා තමයි අපිට කප් එක කෙල වුණේ.වාම දේවයා කීවේය.මොන කෙබර ඇද බෑවත් ඒවා ලෙනින් බුවා කියන තියරියටම ජනම්ස්ලා ගැන්සියට ගිල්ලවන්න වාම දේවයා  ඔස්තාර් බව  දන්න බොරළුගොඩ මත්තේ ගුණයා කීවේ වාමදේවයා   දුන්නේ එළකිරි  ටෝක් එකක් කියලාය.

 හරියට බැලුවොත් වාමදේවයා මේ වනකොට ටීම් එකෙන් රියටර් වන්න ඕනි කළේ.ඒත් වාමදේවයා තවමත් නොටවුට් එකේම බැට් කරනවා.ටිම් එකේ තියාගෙන ඉන්නේ මැච් එක ක්ලෝස් වෙනකල් ටිකට් එකේ ඉන්න  වාමදේවයා ඔස්තාර්  නිසා.ඔය හයේ හතරේ පොල් අඩි පාරවල් නෙලන්න බැරි වුනත් ගාට ගාට හරි එක දෙක ගානේ  ස්කෝරස් තුන හතරක්වත් ගන්නවා.ඒ වගේම ඕකව අවුට් කරන්න යකෙකුටවත් බෑ බෝල කරන්න.ගහන්න බැරි බෝලයක් විකට් එකටම එනකොට කකුලක් ඉස්සරහට තියලා ෂේප් ගාඩ් ඇටෑක්  එකක් දීලා ෂේප් වෙනවා.දඩාවතේ යන  බෝල්වලට වුණත් වාමදේවයා පැන පැන දෙන්න යන්නේ නෑ.ෂේප් එකේ බෝලේ මාරු වෙන්න අරිනනවා.කන්නාඩියා වාමදේවයා ගැන දුන්නේ මාර සැටිපිකට් එකක්ය.ජෙල්පියා කිව්වේ  වාමදේවයාගේ ටෝක් එක පට්ට එළකිරි ජාතියේ   ටෝක් එකක් කියලා.

හරි දැන් මේ 20x20මැච් එකට සෙට් වෙලා මේ පාරත් කප් එකට කෙල වුණොත් තව අවුරුදු 10කටවත් කප් මැච් එකක් වින් කරන්න  බැහැ.ඒ හින්දා අළුත් ටීම් එක හදලා හොදට ට්‍රේන් වෙලාම මේ පාර ගේම දෙන්න ඕනි.නැතිනම් අපි ඔක්කොම බ්ලාස්ට් තමයි.කණ්නාඩියා කීවේ හයි මොරාල් පිටය.

මේ 20x20ට කැප්ටන් සිය චින්තන ටීම් එකේ  කලින් කැප්ටන් කරපු බොසාවම දාන්න ඕනි.නැත්නම් කප් එක උස්සන්න  හම්බවෙන්නේ නෑ.මේකත් බ්ලාස්ට් තමයි.ඒ හින්ද මේ අලුත් ටීම් එකේ කෝච් හැටියට බොරළුගොඩ ගුණයව කියලා යෝජනා කළේ වාම දේවයාය.යෝජනාව දාපු ගමන් බල්ටි පාරක් ගැසු ජෙල් පියා කිවේ පට්ට අයිඩියා එක කියාය.බොරළුගොඩ වන්නේ  ගුණයා වැඩේට අකමැත්තක් නැති බව පෙන්නුවේය.

 අපි මේ  අලුතින් ෆෝම් කරන ටීම් එකට අලුතින්ම බෝලස්ලයි  බැට්මන්ලයි  ටිකක් හොයා ගන්න හොඳ  ටෙනිස් පාරක් දාමු කියලා.බොරළුගොඩ වන්නේ  ගුණයා අයිඩියා එකක් දැම්මේය.බෝලර්ස්ලයි බැට්ස්මන්ලයි අලුතින් හොයාගන්න ක්‍රමන්ට්‍රි මැච්ස් ටිකයි ගහමු.ක්‍රවුන්ට් මැච්ස්  ගහනකොට පොරවල් ටිකක්  සෙට්වෙයි කියලත් ගුණයා කීවා.

එළකිරි අයිඩියා එක යැයි කියු කණ්ණාඩියා ඇඟිලි දෙකක් කට පතුලට දාලා කන් අඩි පැලෙන විසිල් පාරක් ගැසුවේය.

20x20  මැච් එක ඊසී ගේමක් කියලා  හෝප්ස් තියාගන්න එපා.චින්තන ටීම් එකේ කලින් ගහපු අලි සොයිසලා පානදුරේ  කුරාල මගේ සෙට් එකක්ම යහපාලන ටීම් එකේ ගහනවා.ඒක හින්දා අලුතින් පොරවල් හොයාගන්න ඕනි කියු බොරළුගොඩ වත්තේ ගුණයා ක්‍රවුන් මැච්ස් වැඩේ සෙට් කළේය.ස්ටාට් එක ගන්නේ  නුගේගොඩින්ය.එදා අහු වුණේ කූල්ගේ මල්ලියි. වෙලේ කුමාරයයි  විතරයි.කූල් මල්ලිත් ජුනියර් පොතේ වුණාට ගම්පහ ක්ලබ් එකේ හොදට  බැට් කරපු පොරක් කියලා තමයි ජෙල්පියා කීවේ.

‘නුවර මැච් එක අබ්ලික් වුනා ඒත් රත්නපුර එක නැගලා ගියා.බුවාලා 38ක් විතර අහුවුණා.ඒත් පොබ්ලම් එක වුණේ හොදට ගහන්න පුළුවන්  පොරවල් හතර පස් දෙනාම පොලීසියෙන්  හොයන පොරවල් වීමයි.ඒත් රත්පුරේදී බෝලින් වලට හොඳට ට්‍රේන් කරලා ගන්න පුළුවන් පොරක්  හම්බවුනා කියලා කිව්වේ බොරළුගොඩවත්තේ ගුණයායි.කවුද ඒ බුවා. මෙහෙම ඇහුවේ  කණ්නාඩියාය.ටියුෂන් ගුණයා දැන් පේන විදියට පොර හොඳට බෝල් කරනවා.ටියුෂන් ගුණයා ලෙන්ත් එක ගත්තේ සන්ට්‍රල් බැන්ක් සයිඩ් එක පැත්තෙන් ඉදලා ඌ හොදට ස්වීම් කරලා දානවා කෙළින්ම ටාගට් එක විකට් එකට බොරළුගොඩයා කීවේය.

ඔය වගේ තමයි ඇම්ඩන් එවන බෝලත් බැට් කරන්න බැරි වුනාට ඇම්ඩන් එවන බෝලත් හොයාගන්න  බෑ. අන්තීමට ස්විම්  වෙලා කෙලින්ම එන්නේ  විකට් එකට බැට් කරන එකා  පිටිපස්සේ  බෝල හොයනකොට විකට් පොලු ගලවගෙන ගිහින් ජෙල්පියා රිප්ලයි එකක් දුන්නේය.

වාම දෙවියා  කිව්වේ ටියුෂන් ගුණයාව ටීම් එකට එන්ටර් කරවගෙන බෝලින් ෆුල් එකට දාලා හොඳට ට්‍රෙන් කරලා ගම්මු කියලා.ඒ ගමන්ම ජෙල්පියාටයි කණ්ණාඩියටයි වාම දේවයා පොඩි ඇඩ්වයිස් පාරකුත් දුන්නේය.

පහුගිය මැඩ් එක නාගත්තෙම ඔය ප්‍රභාලගේ ,පොට්ටුවලගේ ස්ටයිල් එකට බෝල් කරන්න ගිහිල්ලා  ඔය යහපාලන ටීම් එකට ගහන එවුන්ට ඔය බෝලින් ස්ටයිල් එක හොඳට පුරුදුයි.දනා දිය ජන්තුවා එහෙම දන්නවාද ඔය බෝලෙට ගහන සිස්ටම් එක.ඒ හින්දා ඕකුන්ම කොරවෙලා යන බෝලින් ඇටැක් එකක් දෙන්න වෙන ස්ටයිල් එකක් ට්‍රේන් වෙන්ඩ කියලයි වාමදේවයා කිව්වේ.

ජෙල්පියයි කණ්ණාඩියයි පුල් ට්‍රයි එක දාන්නේ බෝල යවන අලුත් ස්ටයිල් එක හොයාගන්නටයි.පුල් ටොස් ඇටැක් දෙන්න පුළුවන් බුවාලා ටිකත් රත්නපුරෙන් සෙට් වුණත් උනු ටික ටිම් එකට එන්ටර් කර ගන්න බැරි  ප්‍රශ්නයකුත් තියෙනවා.බොරවගොඩ වන්නේ ගුණයා කීය.

ඒ මොකද්ද ජෙල්පියා ඇසුවේය. එකේ සමහර බුවාලට කේස් තියෙනවානේ.පොලීසිය උන්ව ෆලෝ කරනවා. ටිම් එකට දාලා වැඩේ යනකොට අතරමගදී  අන්ව අල්ලලා ඇතුලට දැම්මොත් චාටර්නේ ගුණයා කීවේය.

ඔය කේස් නැත්නම්  ස්පෝර්ට් මහින්දයා එහෙම හයේ  හතරේ පොල් අඩි වලට බුලට්ලට තමයි.කොහොමද ඉතින් මුන්ට කේස්නේ.සමහර බුවාලගේ පාස් පෝටුත් උස්සලානේ.වාමදේවයා ගුණයාගේ කථාවට නව අයිඩියා එකත් ඇඩ් කලේය.

මගේ ළඟ එළ කිරි අයිඩියා එකක් තියෙනවා වාම දේවයා එහෙම කීවේ කණ්ණාඩියාටය.ඒ මොකද්ද?වාමදේවයා ඇසීය.

දැන් මේ ඉස්සරහට සෙට් වෙන්නේ  ජනට්ස්ලාගේ අවුරුද්ද.නරකද ඒ ගැන්සිය ෆෝම් කරලා බස් පිටින් අපේ හිටපු කැප්ටන් බොසාගේ ගෙවල්  පැත්තට අවුරුදු දවසට පහුවෙනිදා හයිවේ  සයිස් දිග පෝලිමක් ගැස්සුවානම් එනකොට ඔය මිඩියා එකේ ඉන්න බුවාලා ටික ෆොටෝ  ගහලා පට්පට් ගාලා පබ්ලිසිටි පාර දෙනවා.මොකද ග්‍රවුන්ඩ් චියර්  එක දෙන්නේ ජනට්ස්ලා නිසා.

ජනස්ට්ලාගේ  හොට් එක නිසා ගන්න ඕනි 20x20 ගහනකල් ජනට්ස්ලාගේ අතේ තමයි.ග්‍රවුන්ඩ් චියර්ස් වැඩේ තියෙන්නේ කණ්නාඩියා අයිඩියා පාර දැම්මේය.

අම්මටසිරි මාර ගාඩ් එකක් නේ කණ්ණාඩියා ළඟ  තියෙන්නේ කියු වාම දේවයා  දෙකට තුනට නැවී හෙඩ් එක විතරක් නැවෙන නල්ල ම්බි ස්ටයිල් එකේ ඩාන්ස් පාරක් දැම්මේය.

ඒකනම් මාරම මාරයි  අපි මේ අයිඩියා එක බොසාටත් දාලා අඅවුරුදු දවස්වල ඇලට් වෙලා ඉන්න කියමු.ඒ එක්කම බොසාට කියමු ඔය පන්සලේ ටවර් එකත් දිගටම  කන්ටිනිය කරන්න කියලා. තව ඕනි නම්  ජනට්ස්ලා වැඩිවෙනකොට පෝලිම දිග්ගැස්සෙන කොට ජනස්ට්ලාට සරුවත් පාරක් ජෙල්පියා මේ යන විදියට ගේම හරියට දුන්නොත් 20x20 කප් එකත් ගොඩේ ගොඩ කිවේය.

ඒකෙත් පුල් ආතල් ගත්තු බුවාලගේ කොටසක් බල්ටි ගැසු අතර තව පිරිසක්  විසිල් ගැහුවේය.

වාමදේවයයි බොරළුගොඩවත්තේ ගුණයයි සොමිය වැඩිකමට දැම්මේය.

‘සිරි සඟබෝධි මාලිගාවේදී මන

දැක ප්‍රානේ හානි ‍වන්නට බැට දෙම්‘

යන සිරි සඟබෝධි නාඩගමේ එන සින්දුවක් කියමින් නල්ල තම්මබි ස්ටයිල් එකේ ඩාන්ස් පාරක් දැම්මේය.