විස්සත් කෙටුම්පත් කරයි


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය සිදු කැරෙන බව නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතිඥ ජී.එස්.අරුණ ශාන්ත ද සිල්වා මහතා පැවසීය.

මුල් කෙටුම්පත ඉංග්‍රීසියෙන් සකස් කර ඉන්පසු සිංහල, දෙමළ භාෂාවලට එය පරිවර්තනය කිරීමට යයි.

‘19 වැනි ව්‍යවස්ථා කෙටුම්පත නිහඬව ගාම්භීර පූර්වකව සම්පාදනය කළේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි‘

රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකවරුන්ගෙන් ලැබෙන ප්‍රතිපත්ති නීති කෙටුම්පත් බවට සම්පාදනය කළේ තම දෙපාර්තමේන්තුව බවත් ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

එයද මූලිකවම ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදනය කර සිංහල හා දෙමළ භාෂාවන්ට පරිවර්තනය කැරිණි.