නව මැතිවරණ ක්‍රමයක් ඇති කරන විසි වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පස්ස හරවමින් ජනතා විශ්වාසය කඩකරන දේශපාලන පක්ෂවල නියෝජිතයන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂ බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
විසි වැනි සංශෝධනය සම්මත කිරීමට උත්සාහ කරන මේ අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසි වැනි සංශෝධනයට පෙර විශ්වාසභංගයක් ගෙන එමින් ආණ්ඩුව විසුරුවාහැරීමට කරන උත්සාහය ද එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම කඩා කප්පල් කිරීමක් බව ද වර්ණසිංහ මහතා කීවේය.
කැබිනට් මණ්ඩලයේ දී නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට විරුද්ධව අදහස් දැක්වූ මුස්ලිම් කොංග්‍රසයේ වැඩ පිළිවෙළ ඉතා පිළිකුල් සහගත බව කී වර්ණසිංහ මහතා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්ට ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අභියෝගයක් ද කළේය.


