විස්ස ගැන ජගත් ලේකම්ගේ රිස්ස පළවේ


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බලාපොරොත්තු තබාගෙන සිටින බව මහ ලේකම් බැන්කී මූන් මෛත්‍රීපාල සිරිසේන ජනපති සමග පැවැති දුරකතන සාකච්ඡාවක දී ප්‍රකාශ කර ඇත.

නව මැතිවරණ ප්‍රතිසංස්කරණ යෝජනා 20 වැනි සංශෝධනයට ඇතුළත් බව ජනපති මාධ්‍ය අංශය කියයි.

බැන්කී මූන් ජනපති සමඟ පැවැති දුරකතන කතාබහේ දී පැවසුවේ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීමට ජනපති ගන්නා උත්සාහය අගය කරන බවයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතී ගත කිරීමට ජනපතිවරයා කැපවීමෙන් හා වගකීමෙන් දුන් ප්‍රතිඥාව ඉටු කිරීම ගැන ද බැන්කී මූන් ජනපතිට සිය ප්‍රශංසාව පළ කර ඇත.

වත්මන් ඡන්ද ක්‍රමය වෙනස් කිරීම සඳහා වන 20 වැනි සංශෝධනය නීති ගත කර ගැනීම සදහා තමා වෙහෙසෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති බැන්කී මූන්ට පවසා ඇත.