විස්කි බෝතල් 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට



(ටී.කේ .ජී.කපිල )
 
                    
නීතිවිරෝධීව ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ විස්කි බෝතල 40 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අද (21) කටුනායක ගුවන් තොටුපොළේ දී   අත්අඩංගුවට ගනු ලැබු බව රේගුව පවසයි.
 
මොවුන්  ජා - ඇල සහ මාරවිල ප්‍රදේශවල පදිංචි අවුරුදු 32 සහ 33 වයස්වල  පසුවන්නෝ වෙති.
 
මෙම විස්කි බෝතල් තොගයේ වටිනාකම රුපියල් 193,750 ක් බව රේගුව ප්‍රකාශ කරයි.