(යොහාන් භාසුර)
‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් ඉතිරි පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා ඉදිරි සතිය තුළ රේගු දෙපාර්තමේන්තු බාරයට ගන්නා බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
පෞද්ගලික සමාගම් දෙකක් ආනයනය කළ පරිභෝජනයට නුසුදුසු යැයි තත්ව පරීක්‍ෂාවෙන් තහවුරු වූ පිරිපහඳු නොකළ පොල්තෙල් විශාල ප්‍රමාණයක් රේගු මුද්‍රාව යටතේ සමාගම් ගබඩාවල ඇති බවත් එම පොල්තෙල් ප්‍රතිඅපනයනය සඳහා සූදානම් කරන ලෙස අදාල සමාගම්වලට දැනුම්දී ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම පොල්තෙල් තොගය ඉදිරි සතිය තුළ වරායට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් වරායට ලැබීමෙන් පසුව එම පොල්තෙල් තොගයේ ප්‍රමාණය සහ වටිනාකම ප්‍රකාශ කළ හැකි බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

