විස පැණිබීම සිසුන්ට විකිණූ පහක් අත්අඩංගුවට


පාසල් දරුවන් ඉලක්ක කරගෙන අලෙවි කරන විෂ මත්ද්‍රව්‍ය මිශ්‍ර පැණි බීම බෝතල් 700ක් සමඟ පස් දෙනකු මාකොළ දී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය කියයි.

මෙම පැණිබීම බෝතල් මාකොළ බටලන්ද පාරේ ගබඩාවක ගබඩා කොට ඇති බවට බස්නාහිර උතුරු නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතාට ලැබුණු තොරතුරක් මත පොලිසිය  වැටලීම කර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා ගබඩාවේ සේවකයන් බවත්, ඔවුන් අවුරුදු 18, 24, 24, 25 සහ 45 වයස්වල පසුවන්නන් බවත් පොලිසිය පවසයි.