විෂ වායු ප්‍රහාරයකින් සිරියාවේ 70 ක් මරුට


සිරියාවේ නැගෙනහිර ගුවෝටා ප්‍රදේශයේ ඩොවුමා නගරයේ සිදුවූ විෂ වායු ප්‍රහාරයකින් 70ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 
ශ්වසන ආබාධ හේතුවෙන් බොහෝ පිරිසක් රොහල්ගත කැර ඇති බවද පැවසේ.

සිරියානු රජයේ හමුදා විසින් විස රසායනික අඩංගු බැරල් බෝම්බ ගුවනින් දමා ඇති බව මේ සම්බන්ධව ප්‍රකාශයක් නිකුත් කරමින් සිරියාවේ ක්‍රියාත්මක සටන්කාමී කණ්ඩායම් ‍චෝදනා කරයි.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන සිරියානු රජය පවසන්නේ ඔවුන් කිසිම ආකාරයක රසායනික ප්‍රහාරයක් එල්ළ නොකළ බවයි. 
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වෙනුයේ  විෂ රසායනික ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූවායැයි සැක කළ හැකි මරණ විශාල සංඛ්‍යාවක් ඩුවෝමා නගරයෙන් වාර්තා වූ බවයි. මේ සම්බන්ධව ජාත්‍යන්තර අවධානය වහාම යොමුවිය යුතු බවද ඔවුහු සඳහන් කර ඇත.
 
(රොයිටර් ඇසුරිණි - 085)