විෂ මතට එරෙහි වෙන්න වඩා ශක්තිමත් පනතක්


(අංජුල මහික වීරරත්න)

විෂ මත්ද්‍රව්‍ය සඳහා පවතින නෛතික රාමුව වඩාත් ශක්තිමත් කිරීමට  ඉදිරියේදී නව පනත් කෙටුම්පතක් ව්‍යවස්ථාදායකය වෙත ඉදිරිපත් කර සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නරඹා ඇති රටම එකට ජාතික මෙහෙයුමේ තවත් අදියරක් ලෙස මෙය සිදු කරයි.

රටම එකට ජාතික මෙහෙයුමේ පළමු අදියරේ  ක්‍රියාකාරකම් මගින් පවත්නා නෛතික රාමුව තුළ විෂ මත් උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන ක්‍රියාදාමය ශක්තිමත් කර නිවැරදි සහ ඒකීය දිශානතියකට යොමු කිරීම ඉලක්ක කෙරෙන අතර ඊළඟ අදියරෙහි ක්‍රියාත්මක කිරීමට නියමිත විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ තිරසාර වැඩසටහන සඳහා එම නව නෛතික රාමුව තුළ කටයුතු කිරීමටත් අපේක්ෂිතය.