විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්ද පොලිසි යයි


(නිමල කොඩිතුවක්කු)

පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන පවත්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පොලිස් මූලස්ථානය වෙත අද(26) පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ආප්‍රොටොක්සින් නමැති පිළිකා කාරක අඩංගු එම පොල්තෙල් තොග මෙරටට ගෙන ඒමට අනුබල දුන් පුද්ගලයන් සහ ඒවාට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු සියල්ලන් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර දඬුවම් පමුණවන ලෙසත් සිය පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කළ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා සමඟි තරුණ බලවේගයේ උප සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

(ළහිරු හර්ෂණ)