විනීතා එම් ගමගේ
ප්‍රජා වෛද්‍ය විශේෂඥවරයකු ලේඛකයකු මෙන්ම නිදහස් චින්තකයෙකු වූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ මහතා අභාවප්‍රාප්ත විය.
මිය යන විට 65 වැනි වියේ පසුවූ ගමගේ මහතා කලක් රෝගාතුරව සිටි අතර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (29) අභාපවප්‍රාප්ත විය.
වෛද්‍ය වෘත්තියට අමතරව මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් ජාතියේ සෞඛ්‍ය සංරක්ෂණය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ උදාර මෙහෙවරක යෙදසුණූ ඔහු බලවත් සේ රෝගීව සිටියදී පවා ග්‍රන්ථකරණයේ යෙදී ඇත.
විශේෂයෙන් ඔහු රෝගී වී සිටියදී පවා ‘වෙදෙක් වුනත් ලෙඩෙක් වුණොත්‘ නමින් මුහුණු පොතට ලිපි මාලාවක් ලියමින් තම රෝග තත්ත්වය හා ඊට මුහුණදෙන අන්දම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කළේය.
මාවනැල්ල ගමගේ ආරෝග්‍යශාලාවේ සහ සරදියෙල් ගම්මානයේ නිර්මාර්තෘ වු වෛද්‍ය ගමගේ මහතා වෛද්‍ය මානෙල් දිසානයක මහත්මියගේ ස්වාමිපුරුෂයා වේ. ඔහුගේ දියණියන් දෙදෙනාම වෛද්‍යවරියෝ වෙති.
අමාත්‍ය එස්බී දිසානායක මහතාගේ සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් දිසානායක මහතාගේ ඥාති සොහොයුරා ද වේ.
අභාවප්‍රාප්ත ගමගේ මහතාගේ දේහය මාවනැල්ල බෙලිගම්මාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (1) සවස 6 ට මාවනැල්ල ආදාහනාගාරයේ දී සිදු කෙරේ.