
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ලබන සදුදා (07) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ එච්.ඊ ජනකාන්ත සිල්වා මහතා පැවැසීය.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වැනිදා පෙ.ව 10.00ට රැස්වීමට නියමිතය.
එදින සිට 11 වෙනිදා දක්වා දින හතරක් පාර්ලිමේන්තුව රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව මීට පෙර තීරණය කර තිබිණ.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සහ ශ්‍රී ලංකාවේ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 8 වැනිදා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් සහ පාර්ලිමේන්තු සේවකයෝ තිහකට වැඩි පිරිසක් පසුගිය සති කිහිපයේදී කොවිඩ් රෝගයට ගොදුරු වූහ.

