විශේෂිත සිරකරුවන් වෙනුවෙන් වෙනම තැනක්


(විනීතා එම් ගමගේ)


විශේෂිත සැකකරුවන් රඳවා තැබීමට ස්ථානයක් ඉදිකළ යුතව ඇතැයි අධිකරණ ඇමැතිනි  තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 

වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධව බන්ධනාගාර ගත කර ඇති බන්ධනාගාර කොමසාරිස්වරයා දැනට බන්ධනාගාරයේ සුබසාධක අංශයට අයත් ගොඩනැගිල්ලක රඳවා ඇති බවත් බන්ධනාගාර ප‍්‍රධානියකු රඳවා තැබීමේ දී ඔහුගේ ආරක්ෂාව ගැන සිතිය යුතු බැවින් එසේ රඳවා තබන්නට සිදුවූ බවත් අමාත්‍යවරිය කීවාය.

එවැනි රැඳවියන් වෙනුවෙන් විශේෂිත ස්ථානයක් සකස් කිරීමට යෝජනා කරන බවත් එය ඉදිරියේ දීත් අවශ්‍යතාවයක් වනු ඇති බවත් අතුකෝරල මහත්මිය තවදුරටත් පැවැසුවාය. 

අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ රජයේ  ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (8) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.