විශ්‍රාමිකයින් යළි දුම්රිය සේවයට බඳවා ගැනීම ඇරැඹෙයි


(ළහිරු හර්ෂණ)

ශ්‍රී ලංකා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මූලික පියවර ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවාවෙන් විශ්‍රාම ගත් දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, සංඥා පරීක්ෂක, මාර්ග පරීක්ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණයක්  අද(28) නාරාහේන්පිට ශාලිකා ශාලාවේදී පැවැත්වෙයි.

දහවල් 01.00 වන විට මේ  සදහා දුම්රිය ස්ථානාධිපතිවරු  22ක් දුම්රිය නියාමකවරු  03ක් හා අධීක්ෂක කළමණාකරු සඳහා එක් අයෙක් සහභාගී වී සිටියහ. අද දවස පුරා මෙම බඳවා ගැනීම් සිදු කෙරේ.