ඩී.ජී.සුගතපාල
විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු සහ ධනවත් ව්‍යාපාරිකයකු හෙරොයින් කිලෝ 1 ග්‍රෑම් 65ක් සුඛෝපභෝගී මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අකුරල දී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති නියෝජ්‍ය විදුහල්පතිවරයා 67 හැවිරිදි රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර අනෙක් පුද්ගලයා 47 හැවිරිදි ඌරගහ මීගස්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අයියා ද හෙරොයින් ජාවාරම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ වනවිට කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඌරගහ ප්‍රදේශයේ පුද්ගලයා වාහන සේල් එකක් සහ වාහන කුලියට දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු බවත් පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා හෙරොයින් තොගය රැගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට සුඛෝපභෝගි මෝටර් රථයකින් යමින් සිටියදී ලැබුණු තොරතුරක් අනුව අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර පරික්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් කලක සිට හෙරොයින් ජාවාරමේ යෙදී ඇති බවයි.
සැකකරුවන් අද (10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

