මීට දින තුනකට පෙරදී හොරණ දික්හේනපුරදී යතුරු පැදී දෙකක් ගැටී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි විශ්‍රමික වෛද්‍ය අධිකාරි වර්නන් මැල්කම් බර්ඩි ජෑන්ස් (77) මිය ගිය බව හොරණ පොලිසිය කියයි.
අනෙක් යතුරු පැදිය පැදවූ බව කියන 17 හැවිරිදි තරුණයාද බරපතල තුවාල ලබා ඇති බවත් ඔහුට රියදුරු බලපත්‍රයක්ද නොමැති බවද පොලිසිය කියයි.
සැකකරු අත්අඩංගුවට නියමිතව ඇත.

