ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මෙතෙක් ලබාදුන් විශ්‍රාම වැටුප් ලබාදීමේ කාර්යය අගෝස්තු 26 සිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මධ්‍යගත කිරීම හේතුවෙන් අද (10) බොහෝ දෙනකුට විශ්‍රාම වැටුප් ලැබී නැතැයි විශ්‍රාමිකයෝ කියති. මේ සඳහා 11/2014 නමැති චක්‍රලේඛයක් නිකුත් කැර ඇත.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ ඇතැම් විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් දෙක බැගින් ලැබී ඇති බවයි. රාජ්‍ය සේවයේ දූෂණ අවම කිරීම වෙනුවට විමධ්‍ය ගත කර තිබූ දෑ මධ්‍ය ගත කිරීමෙන් පලක් නොවන බවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් වැඩි දෙනකුගේ සහායෙන් කළ දෙයක් සුළු පිරිසක් මගින් කරද්දී මෙවැනි ගැටළු මතුවන බවත් ඔහු කියයි.
විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් එස් එස් හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ ගැන සොයා බලන බවයි. අලුත් ක්‍රමයක් ඇති කළ විට මෙවැනි සුළු සුළු අඩුපාඩු වන බවත්, ඒවා මගහැරගෙන ඉදිරියේ කටයුතු කරන බවත් ඔහු කීවේය.

