විශ්‍රාම වැටුපට ලංකා බැංකු සේවකයෝ පාරට


(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ අනුර ජයන්ත)

තමන්ට හිම විශ්‍රාම වැටුප ලබා දෙන ලෙස රජයට බල කරමින් ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකයන් විශාල පිරිසක් අද (5) දහවල් කුරුණෑගල නගරයේදී උද්ඝෝෂණයක නිරත වූහ.

එක්දහස් නවසිය අනූහය වසරෙන් පසුව කිසිදු රාජ්‍ය බැංකු සේවකයෙකුට විශ්‍රාම වැටුප් හිමි නොවූ බවද තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර විසි පහක පමණ දීර්ඝ කාලයක සිට මේ ආකාරයට අරගලයක නිරතව සිටින බවද මෙම උද්ඝෝෂණයට සහභාගි වූ ලංකා බැංකු සේවක සංගමයේ මධ්‍යම කරන සභික ප්‍රසංග රත්නායක මහතා ප්‍රකාශ කළේය.

තම සංගමයේ ඉල්ලීමකට අනුව මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු සේවකයින්ට විශ්‍රාම වැටුප් දෙන ලෙස නියම කළද මේවන තෙක් මුදල් අමාත්‍යාංශය එම නියෝගය ඉටු කිරීමට පියවරක් ගෙන නැති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.