(මනෝප‍්‍රිය ගුණසේකර)
නීතීපති දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස සේවය කරන සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය විශ‍්‍රාම ගැනීමේ නියමිත කාලයට පෙර එම ධුරයෙන් විශ‍්‍රාම යෑමට ඉල්ලීමක් කර දින කිහිපයක් ඇතුළත එම ඉල්ලීම ඉල්ලා අස්කර ගෙන ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නියමිත කාලයට පෙර සොලිසිටර් ජනරාල් ධුරයෙන් විශ‍්‍රාම යෑමට කළ ඉල්ලීම රාජ්‍ය සේවා කොමිසමට යැවීමට පෙර ඉල්ලා අස්කර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව නීතීපති දෙපාර්තමෙන්තුවේ සේවය කරමින් සිටි වික‍්‍රමසිංහ මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට පත්කළ අතර දේශපාලනඥයින්ට නඩු පැවරීම් පිළිබඳව ඇය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශයක් හේතුවෙන් ඇය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරෙන් ඉවත්ව යළි නීතීපති දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියාය.
මේ වන විට දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය නීතීපති දෙපාර්තමෙන්තුවේ දෙවැනියා වශයෙන් සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරයි.
එසේ සිටියදී නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට වික්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත අයදුම කළ අතර එම අයදුම බාරගත් නීතීපතිවරයා ඔහුගේ නිර්දේශයන් ද සහිතව එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.
නීතීපති දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයෙන් එම අයදුම රාජ්‍ය සේවා කොමිසම වෙත යැවීමට පෙර වික‍්‍රමසිංහ මහත්මිය නීතීපතිවරයා වෙත යළිත් ඉල්ලීමක් කරමින් නියමිත කාලයට පෙර විශ‍්‍රාම යෑමට අයදුම් කරමින් තමන් ඉදිරිපත් කළ අයදුම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා ඇති බවත් ඒ සඳහා නීතිපතිවරයා අවසර දී ඇති බවත් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මිය සම්බන්ධ කර ගැනීමට අප උත්සහ කළත් එම උත්සහයන් ව්‍යර්ථ විය.

