විශ්වාසභංගයේ ජය සමරන්න ගිය තිදෙනෙක් රෝහලේ


(ජූඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු)

විශ්වාස භංග යෝජනාව ජය ගැනීමේ ප්‍රීතිය සැමරීමට ගිය එක්සත් ජාතික පාක්ෂිකයින් තිදෙනෙකු කැපුම් කෙටුම් තුවාල සහිතව රෝහල් ගත කළ බව උඩප්පුව පොලීසිය කියයි.

සිද්ධියෙන් මෝටර් රථයකට සහ යතුරු පැදියකට හානි සිදුවී තිබේ.

මුන්දලම - කීරියන්කල්ලිය ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුවී ඇත.

තුවාලකරුවන් දෙදෙනෙකු හලාවත මහ රෝහලට ද, තවත් පුද්ගලයෙක් උඩප්පුව ග්‍රාමීය රෝහලේ ද ප්‍රතිකාර ලබමින් සිටියි.

විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීමත් සමඟ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභිකයකුගේ ආධාරකරුවන් පිරිසක් රතිඤ්ඤා දල්වමින් විනෝද වෙමින් සිටින අතරතුර ගැටුම සිදුවී  ඇති බව පොලිසිය පවසයි.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)