සුජිත් හේවජුලිගේ
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා ලබන අප්‍රේල් 4 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේ හා ඒ අවට ප්‍රදේශයේ විශේෂ ආරක්ෂක ජාලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.
එදින පාර්ලිමේන්තු පරීශ්‍රයට පැමිණෙන සාමාන්‍ය පුද්ගලයන් මෙන්ම මන්ත්‍රීවරුන් හා නිලධාරීන්ද දැඩි ලෙස පරීක්ෂා කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු ආරක්ෂක ප්‍රධානියෙක් ලංකාදීපයට පැවසීය.
මේ කටයුත්ත සඳහා අතිරේක භට පිරිස් කැඳවීමටද තීරණය කර ඇත. මෙම විවාදය උදේ 9.00ට ආරම්භවී රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු සහකාර ලේකම් කුමාරි රෝහනධීර මහත්මිය පැයසුවාය.
පාර්ලිමේන්තුව අවට ප්‍රදේශ වල පරීක්ෂාවට තර්ජනයක් වන ආකාරයට කෙරෙන ක්‍රීයාකාරකම් නැවැත්වීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවද පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ කැරලි මර්දන කණඩායම් සීරුවෙන් තැබීමටද කටයුතු කෙරේ.
විශ්වාසභංගයදා පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක්
Recommended Articles