(ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය භාර දී ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නැතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
එහි ඇති කරුණු ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් නැති නිසා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දීමට සිදුවන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන්කළේය.
ඔහු මේ බව පැවසුවේ නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.