(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු සියළු දෙනා පක්ෂ වුවත් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (30) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් සහාය දී, හැකිනම් විශ්වාසභංගය ජයග්‍රහණය කර පෙන්වන ලෙස ද නලින් බණ්ඩාර මහතා අභියෝග කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ඇමැතිවරයෙක් හෝ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් විශ්වාසභංගයට පක්ෂවුවහොත් විශ්වාසභංගයට පසු දින එනම් අප්‍රේල් 05 වැනිදා ඔවුන්ට අත්වෙන ඉරණමට සුදානම්න් සිටින ලෙසද නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියළුම පක්ෂ තීරණය කර ඇති අතර ද්‍රවිඩ ජාතික සන්ධානයද අගමැතිවරයාට සහාය දීමට එකඟතාවය පළ කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.