(දයාරත්න ඇඹෝගම)
රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු 14ට අමතරව 15 වැනි කරුණ ලෙස දිගින් දිගටම මැතිවරණ කල් දමමින් ප්‍රජාත්‍රන්තවාදයට පහරක් එල්ල කර තිබීමද ඇතුළත් විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිහින්තලේ ආසන සංවිධායක එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසීය.
අනුරාධපුර නගරයේ අද (25) පැවති මාධ්‍ය හමුවකදී උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසිය.
පසුගිය සැප්තැම්බර් 2 වැනි දා විසුරුවන ලද උතුරු මැද සබරගමුව සහ නැගෙනහිර පළාත් සභා තුනේ ඡන්දය නොපැවත්වීමට යහපාලන ආණ්ඩුව නොයෙකුත් ගැටලු ඉදිරිපත් කරමින් සිටිනවා.
ඉදිරියේදි තවත් පළාත් සභා කිහිපයක කාලය අවසන් විමට නියමිතයි. ඒ අනුව උතුරු පළාත් සභාවේ කාලයත් නිම වෙනවා. හැකිනම් උතුරු පළාත් සභාවේත් ඡන්දය මේ ආකාරයට පුළුන්නම් කල්දාන්න කියලා රජයට අභියෝග කරනවා.
මේ යහපාලන ආණ්ඩුව ඒකට බයයි. කාරණය මේ යහපාලන ආණ්ඩුව දෙමළ නායකයන්ට බයයි. දෙමළ නායකයන් ඉදිරියේ මේ අය දණ ගහගෙන වැද වැටි ගෙන ඉන්නවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.