(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ.
එදින පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතරය. ඡන්ද විමසීම 9.30 ට ආරම්භ කෙරේ.
කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැනිනි.