(ඩයනා උදයංගනී)
විශ්වාසභංග ජයෙන් උදම් නොවී රට තුළ හා පක්‍ෂය තුළ වියයුතු ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ක්‍රියා කළ යුතු යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
පක්ෂය තුළ මෙන්ම මධ්‍යම ආණ්ඩුව තුළ තරුණ නායකත්වයට බලතල ලබාදිය යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ජයග්‍රහණයට වඩා වැදගත් වන්නේ ජනතාවගේ ජයග්‍රහණ බව කී අමාත්‍යවරයා ඒ බව නොසිතා කටයුතු කළහොත් එක්සත් ජාතික පෙරමුණට ඇති ඡන්ද ප්‍රමාණය තවත් අඩුවී සුළු පක්ෂයක් බවට පත්වීම වැලැක්විය නොහැකි වනු ඇතැයි ද කීවේය.
අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධියට වගකිව යුතු නිසාත්, මහනුවර ඇති වූ ගැටුම්වලට මැදිහත් වී කටයුතු නොකිරීම නිසාත් ඔහු කෙරෙහි විශ්වාසය භංග වී ඇති කීවත් බැඳුම්කරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇතැයි කී අමාත්‍යවරයා මහනුවර සිද්ධියට පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් සම්බන්ධ බව හෙළිවී ඇතැයි ද කියා සිටියේය.
විශ්වාසභංගය ගෙන ආ කල්ලියේ සැබෑ අරමුණ වූයේ ආණ්ඩුවක් පිහිටුවීම නොව මැති ඇමතිකම් ගෙන තමන්ගේ කුට්ටිය නැවත සරි කරගැනීම හා තමන්ට එරෙහිව ඇති නඩු හබ ටික යටගසා ගැනීම බව ද ප්‍රකාශ කළේය.
නමුත් අවසානයේ සිදු වූයේ අග්‍රාමාත්‍යවරයාට නව ජීවනයක් ලබාදීම බවද අමාත්‍යවරයා පැවසීය.
විශ්වාසභංග ජයෙන් උදම් නොවී අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න - ඇමති පාඨලී
Recommended Articles