විශ්වාස භංගයට පෙර ඉල්ලා අස්වන්නැයි ශ්‍රීලනිපය අගමැතිගෙන් ඉල්ලයි


අජන්ත කුමාර අගලකඩ
 
විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර අගමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට අද රාත්‍රී හමුවී සාකච්ඡා කළ ශ්‍රීලනිප පර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු 42ක්  ඒකමතිකව තීරණය කළහ.
 

මෙම තීරණය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දන්වා යවා ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
අද රාත්‍රියේදී ගන්නා ලද ඒකමතික තීන්දුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම සඳහා 42ගෙන් සමන්විත ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම හෙට උදෑසන රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ද නියමිතය.
 
යම් හෙයකින් තමන්ගේ ඉල්ලීමට පිටුපාමින් අගමැතිවරයා තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් විශ්වාස භංග විවාදයේදී විශ්වාස භංගයට සහාය දැක්වීමට ද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.