(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත්, විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා අද මාතරදී පැවසීය.
“අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි.අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා.අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි මන්ත්‍රීවරයා කීවේය.
මාතර මහ නගර සභාවේ අභිනව පුරපති රංජිත් යසරත්න මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම වැඩ භාර ගැනීම සඳහා පැවති උත්සවයේදී ඔහු ඒ බව කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා මෙසේද කීය.
“ පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්‍රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.
ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න.මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න. මේ රටේ ජනතාව දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ අරමුණු හැරෙන්න ඔහු පරාජය කරන්න හරි ගෙදර යවන්න හරි නෙවෙයි. වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් අපිට කරන්න දෙයක් නැහැ.හැබැයි යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.කොහොම වුණත් අපිට ඕන ඉලක්කය දැනටමත් සපුර ගෙන අවසන්.මේ රට වෙනුවෙන් ඒකරාශී වී අපි අපේ යුතුකම ඉටු කරලයි තියෙන්නේ.‘
විශ්වාස භංගය ගෙනාවේ අගමැති එළවන්න නොවෙයි - මහින්ද යාපා
Recommended Articles