විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේ


(රංජන් කස්තුරි)
 
අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල මත 2018 / 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් අගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිකුත් කර තිබේ.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි http://www.selection.ugc.ac.lk යන වෙබ් අඩවියේ එම ඉසෙඩ් අගය පළ කර තිබේ.
 
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ 0112695301, 0112695302, 0112692357 යන දුරකථන අංක ඔස්සේ විමසීමෙන් ද ඒ බව දැනගත හැකිය.
 
මීට අමතරව රාජ්‍ය සේවා තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් හෝ ඊට කෙටි පණිවිඩයක්(sms) එවීම මගින්ද ඉසෙඩ් අගය ලබාගත හැකිවේ.
 
ugc <  space > <  Index No > යන්න සඳහන් කර 1919 වෙත එම කෙටි පණිවුඩය යැවිය හැකිය.