
(සුජිත් හේවාජුලිගේ)
ඇමැති බංගලාවක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබාදීමට මේ දිනවල කරුණු සලකා බලාගෙන යන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැගිල්ලක බවද ඔහු සඳහන් කළේය.
ඇමැති බංගලාවක් තමන්ට ලබා දෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් මෙයට ප්‍රථම ඉල්ලීම් කර තිබිණ.
ඇමැති බංගලා ලබාදීමේදී විශාල කුලී මුදල් වැය කරමින් පවත්වාගෙන යන ආයතන කෙරෙහි විශේෂ අවධානය යොමු කරන බව කී අමාත්‍යවරයා ඇමති බංගලා හතරක් අධිකරණ අමාත්‍යාංශයට භාර දෙන බවද සඳහන් කළේය.
එම ඇමති බංගලා හතරේ මහාධිකරණ හතරක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කෙරේ.
සෙසු ඇමති බංගලා ලබා දෙන ආයතන පිළිබඳව මේ දිනවල සමාලෝචනයක් කරගෙන යන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඇමැති බංගලා ලබා ගැනීමට ආයතන පනහක් පමණ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර ඇත.

