විශ්ව විද්‍යාලවලින් පිටවන සෑම ළමයෙක්ටම රජයේ රැකියාවක් ලබාදීමේ වගකීමක් රජයට නොමැති බවත් රටේ ඉදිරිගමනට දායකවිය හැකි පරපුරක් බිහි කරන අධ්‍යාපන ක‍්‍රමයක් ඇති කිරීම රජයේ වගකීම බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී පැවති උත්සවයක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද පැවසුවේය.
වැවිලි කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ගැන අපි අද දිනයේදී අවධානය යොමු කරනවා. අනෙකුත් ක්ෂේත‍්‍රවල තිරසාර සංවර්ධනයක් ගැන අපි අවධානය යොමු කළාට වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක්. වැවිලි ක්ෂේත‍්‍රයේ තිරසාර සංවර්ධනය ගැන අවධානය යොමු කරන විට පරිසරය ආරක්ෂා කිරීම, අගය එකතු කිරීම, මානව සම්පත් සංවර්ධනය විශේෂ වෙනවා.
අද දිනයේදී ජපානය ගැනත් අවධානය යොමු වුනා. ජපානයේ අධ්‍යාපනය ගැන විවිධ අවස්ථාවලදී සාකච්ඡා කිරීමට මට හැකියාව ලැබුණා. ලංකාවේ සාක්ෂරතාවය ඉහළ මට්ටමක තිබෙනවා.අපිට නිදහස් අධ්‍යාපන ක‍්‍රමයක් තිබුණට එයින් අපේ දරුවන්ට අවශ්‍ය වන ආර්ථික ශක්තිය,රැකියා ඉලක්ක කරගත් අධ්‍යාපනයක් ලැබෙනවාද යන්න ප‍්‍රශ්ණාර්ථයක්. අපේ රටේ අධ්‍යාපනය ලබන ළමුන්ගෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා ඇතුළත් වන්නේ සියයට දහයක වගේ පිරිසක් පමණයි. විශ්ව විද්‍යාලයට ඇතුළත්වී එයින් පිටත්වන ලමුන්ගේ ආකල්ප ගැනත් මට තිබෙන්නේ ප‍්‍රශ්ණයක්.
විශ්ව විද්‍යාලවලට ඇතුළත් වන සියලුම ළමුන්ට රැකි රක්ෂා ලබාදීමේ වගකීමක් රජයකට තිබෙනවාය කියලා මම විශ්වාස කරන්නේ නැහැ. සියලුම විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට රැකියා ලබාදීමෙ වගකීමක් රජයකට නැහැ. රජයට තිබෙන වගකීම වන්නේ හොද අධ්‍යාපන ක‍්‍රමයක් සදහ හොද අධ්‍යාපනයක් ළමුන්ට ලබාදීමයි. නමුත් සෑම උපාධිධාරියෙක්මට රජයේ රැකියාවක් ලබාදිය යුතු යැයි කියන තර්කය මට පිළිගත නොහැකියි.
- 044