විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණ අභියාචනාධිකරණය බල රහිත කරයි


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

වෛද්‍ය ශිෂ්‍ය අත්පොතෙහි රෙගුලාසි අනුව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10 ක කාලයක් ඉක්මවා ඇතැයි චෝදනා කරමින් කැලණිය,පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන් හී වෛද්‍ය ශිෂ්‍යයන් 16 දෙනකු ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට එම විශ්ව විද්‍යාලයන් හී පාලනාධිකාරිය ගත් තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇත.

ඊට අමතරව වෛද්‍ය පීඨයේ ලියාපදිංචි වී වසර 10ක කාලයක් ඉක්මවා යෑමෙන් ශිෂ්‍යභාවය අහෝසි වන බවට සදහන් රෙගුලාසිය ද අහෝසි කරමින් අභියාචනාධිකරණය තවත් රිට් ආඥවක් නිකුත් කළේය.

අභියාචනාධිකරණ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වෛද්‍ය ශිෂ්‍යයින් 16 දෙනකු ගොනු කළ පෙත්සම් 3 ක් සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙමිනි.

කැලණිය , පේරාදෙණිය සහ රුහුණු විශ්ව විද්‍යාලයන්හී ශිෂ්‍ය ශිෂ්‍යාවන් 16 දෙනකු  ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එම විශ්ව විද්‍යාලයන් හී ලේඛකාධිකාරීවරුන් , වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.