විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පැමිණිල්ලක්


රංජන් කස්තුරි

රජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණ සිදුකර ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් විදේශවලින් මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා හෙයින් ශ්‍රි ලංකා සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවද එම සංගමය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

විදේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මේ රටේ කිසිදු පුරවැසියකුට විමසීමට ඉඩක් නොමැති බවද එහි සඳහන් වේ.