විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ හෙට කෑම පැයේ විරෝධතාවයක


අමල් වික්‍රමරත්න
 
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෘත්තීය සමිති අතර  කරන ලද සාකච්චා වලදී එකගවී මෙතෙක් ලබා නොදුන් වැටුප් විෂමතාවයක් ඇතුළු කාරණා කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි විශ්ව විද්‍යාල වල අනධ්‍යන කාර්ය මණ්ඩලය හෙට විරෝධතාවයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
 
මෙම විරෝධතා ව්‍යාපාරයට දිවයින පුරා ඇති සියලුම විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුබද්ධිත සියලුම ආයතන වල අනධ්‍යන ශ්‍රේණීවලට අයත් සේවකයන්  හෙට දහවල් කෑම පැයේදී විරෝධතාවට සහභාගී වීමට නියමිත බව ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලීය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති මංගල දාබරේ මහතා ලංකාදීපයට පැවසීය.  
 
මෙම විරෝධතාවයට විශ්ව විද්‍යාලයීය තාක්ෂණ නිලධාරීන්ගේ සංගමය,ලිපිකාර හා කාර්මික සේවා සංගමය පුස්තකාල සහ තොරතුරු තාක්ෂණ සහායක නිලධාරීන්ගේ සංගමය,විද්‍යාගාර සහායක නිලධාරීන්ගේ සංගමය,ජාතික සේවක සංගමය ,නිදහස් සේවක සංගමය ඇතුළු තවත් සංගම් කිහිපයක් හෙට පැවැත්වෙන විරෝධතාවයට එක්වීමට නියමිත බව සභාපති මංගල දාබරේ මහතා පැවසීය.