විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව සඳුදා සම්මත වෙයි


(තිළිණි ද සිල්වා)

මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව එළඹෙන සඳුදා දින මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයේදී සම්මත කර ගැනිමට නියමිත  බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සෑම වසර 05කට වරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ම මානව හිමිකම් තත්ත්වය කාලාන්තර වශයෙන් සමාලෝචනය කෙරෙන ක්‍රියාවලිය විශ්ව කාලාන්තර සමාලෝචනය ලෙස හදුන්වනු ලබයි.

2007 වසරේදී මෙම විශ්ව කාලාන්තර සමාලෝචනය හදුන්වාදී ඇති අතර මේ දක්වා පූර්ණ සමාලෝචන වට දෙකක් පවත්වා තිබේ.

මේ වන විට තෙවැනි සාමාලෝචනය සිදු කෙරෙන අතර එය 2017 වසරේ මැයි මාසයේදී ආරම්භ විය.

මෙම තෙවන සමාලෝචන යටතේ ශ්‍රී ලංකාවට අමතරව ආර්ජන්ටිනාව, ගැබෝන්, ගානාව, පේරු රාජ්‍යයේ, ගෝතමාලාව, ස්විට්සර්ලන්තය, කොරියානු ජනරජය, පාකිස්ථානය, සැම්බියාව , ජපානය සහ යුක්රේනය යන රටවල් ද මෙම සමාලෝචනයට බදුන් වු බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේය.

මේ අතර මාර්තු මස 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම සැසිවාරයට සහභාගී විම සඳහා එළඹෙන සදුදා දිනයේ මෙරට නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම යන මහත්වරුන් එක්වීමට නියමිතය.