
(පද්මසිරි ගාර්දියවසම් )
බෙලිඅත්ත පොලිස් වසමට අයත් නාකුළුගමුව ,දෙද්දුවාවෙල ප්රදේශයේ පොල් ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකුගේ නරක්වී ගිය මළසිරුරක් අද ( 30) උදේ හමුවී ඇතැයි පොලිසිය කීවේය .
දින 11 කට පමණ පෙර සිට අතුරුදන්ව සිටි බෙලිඅත්ත පුවක්දණ්ඩාවේ පදිංචි විතාරණ පණ්ඩිතගේ විරාජ් ප්රසන්න නමැති 28 හැවිරිදි විවාහකයෙකුගේ බවට හදුනා ගෙන ඇතැයි පොලිසිය කීවේය .
ඉඩමේ පොල් කැඩීමට ගිය පොල් කඩන්නෙකු නරක්වී ගිය මළසිරුර දැක එහි හිමිකරුවන් මගින් පොලිසිය දැනුම්වත් කර තිබේ .
ඉකුත් (19) රාත්රි 07 ට පමණ මියගිය අය සිය යතුරුපැදියේ නැගී නිවසින් පිටව ගොස් ඇති අතර පසුව ඔහු අතුරුදහන්ව ඇතැයි බිරිඳ බෙලිඅත්ත පොලිසියට පැමිණිලි කර තිබිණි .
ඔහු පිටව ගිය යතුරුපැදිය නාකුළුගමුව දුම්රිය ස්ථානයේ නවතා තිබියදී සොයාගත් බවද පොලිසිය කීවේය.

