විල්පත්තුවට වසන්තය උදාවෙයි


මේ විල්පත්තු වනෝද්‍යානයේ වසන්තයයි. මීට තෙමසකට පෙර ගිම්හානයේ ඉරිතලා ගිය විල් හා ඉසල් වූ තුරුලතා නිසා හෙම්බත් වූ සත්තු අද දෙසැම්බරයේ කෙම්බිම්වල නිදැල්ලේ සතුටින් සැරිසරති. මුව පොව්වන් දිය කඩිති සොයා එති. දිවියන් විල්ලු අසබල ගොදුරු සොයති. මේ පනික්කවිල විල්ලු අසල දී ඉරිදා සවස 4.30ට දුටු දිවියෙකි.